Monday, December 6, 2010

හරිම භාගය හොයා ගන්න..........

පොතක් කියෙව්වා. එකේ තිබුනු එක කරුණක් හිතට තදින්ම දැනුනා.. මම ඒ කතාව කෙටියෙන් මෙහෙම කියන්නම්. ඉස්සර කාලේ දෙවියෝ අපිව මවන කොට ගැහැණිය සහ පිරිමියා කියන්නේ එකම සත්වයෙක්.අවයව දෙකකින් සමන්විත වෙච්ච ලොකු ශක්තියක් තිබිච්ච බොහොම අපූරු සත්වයෙක්ලු ඒ කාලේ. ඒත් දෙවියන්ට හිතුනලු මේ අපූරැ සත්වයට ලොකු ශක්තියක් තියෙන නිසා ඒක අඩු කරන්න මේ එකට බැදිලා ඉන්න සත්වයාව දෙකට වෙන් කරන්න. ඊට පස්සේ දෙවියෝ අවයව  දෙකෙන්  සත්වයාව වෙන්කලාලු.  එදා ඉදලා අපි හැමෝම අපේ වෙන් වෙච්ච භාගේ හොයනවලු.හරියටම තමන්ගේ භාගය ලැබුනාම එයා ශක්තිමත් සත්වයෙක් වෙනවා.
        ඒත් තියෙන ප්‍රශ්නය අපිට හම්බවෙන්නේ ඇත්තටම අපේ හරි භාගෙද කියන එක? ගොඩක් වෙලාවට අපි රැවටෙනව විතරයි.අපේ භාගය හරියටම සෙට් උනාම පිරිමියා ගැහැණියගේ හැඟීමත් ගැහැණිය පිරිමියගේ හැඟීමත් හොඳට තේරුම් ගන්නව.එතකොට තමයි ශක්තිමත් සත්වයෙක් බිහිවෙන්නේ.
            මේ කතාවෙ බොහොම ලොකු අර්ථයක් තියෙනවා කියලා මටනම් හිතෙනවා.
හරියටම අපේ භගේ ලැබුනාම පුද්ගලයා සම්පූර්ණ වෙනවා. ඒත් සමහර වෙලාවකට අපි රැවටිලා හුඟාක් කල් ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි එකතුවෙලා ඉන්නේ අපේම භාගය එක්ක නෙවෙයි කියලා.ඒක හින්දා තමන්ගේ හරිම භාගය හොයාගන්න  කොහොමහරි වෙහෙසෙන එක තමා හොඳ.

2 comments:

  1. කතාව හරි ඇති.ඒකනෙ ඔය අපේ අය හරි භාගෙ හම්බවෙනකන් ට්‍රයි කර,කර බලන්නේ..........

    ReplyDelete
  2. "භාගය" නෙමෛයි, "බාගය" වෙන්න ඇති ඔබ අදහස් කරන්නෙ? (1/2 = බාගය, x/y = භාගය; x ≠ y)

    ReplyDelete