Saturday, November 6, 2010

නොවෙම්බර් 08 වෙනිදා

           මොනාහරි ලියන්නම ඔනේ. නින්ද අහලකටවත් එන්නෑ. මට නම් මහ පුදුම පිස්සු හිතක් තියෙන්නේ.ඇයි දන්නවද? ගොඩක් වෙලාවට හිතට දුක දාගන්නේ වෙන අය ගැන හිතලමයි. සමහර විට මම හුඟාක් ආත්මාර්ථකාමී කෙනෙක් වෙන්නැති. ඒකයි මේ තරම් දුක හිතෙන්නෙත්. මම කවුරු හරි ආස්‍රය කරනකොට මම මුලු හදවතින්ම ඒ කෙනාට ළන් වෙනවා. එහෙම උනාම පොඩි දෙයකින් උනත් හිත රිදිලා දුක් වෙනවා.ඒක මගේ ලොකුම ලොකු දුර්වලකමක් මම හැමදාම ඒක නිවැරැදි කරන්න උත්සහා කලාට තාමත් හිත ඒ වගේමයි.
           ජීවිතේ මම වැඩියෙන්ම දුක් උනේ මගේ අය්යා කසාද බැඳපු දවසේ. එදා මගේ හිතට දැනුනේ පුදුමාකාර දුකක්.හරියට මට දැනුනේ අය්යා මගෙන් කවුරුහරි උදුරලා ගත්තා වගෙ හැඟිමක්.සමහරවිට මට ඉන්නෙ එයා විතරක්ම නිසා ඒ වගේම අපි දෙන්නා හුඟාක් සමිප නිසා මේ දුක දැනෙන්න ඇති කියලා හිතනවා.ඊට පස්සේ යාළුවෝ. මම කොච්චර අඬන්න ඇද්ද මගේ යාළුවෝ නිසා. හුඟාක් අය හිටියේ නෑ. හරියට මගෙම කොටසක් වගේ දැනුන අය බොහොම ටික දෙනෙක් හිටියා.
                     ඉස්කොලේ යන කලේ මගේ යළුවා. පොඩි පොඩි දේවල් වලට අපි කොච්චර රණ්ඩුවෙලා ඇද්ද? ඒත් ඒ තරහා තිබුනේ ඒ වෙලාවට විතරයි.මම ඒ දවස්වල ඒකිව සම්මුර්ණයෙන්ම අයිති කරගෙන හිටියේ.අපි දෙන්නගේ ආතීතේ ගැන කියන්න ගියොත් පොතක්ම තියෙනවා. ඊට පස්සෙ තව එකියක් හම්බ උනා. එකිත් එක්කත් හුඟාක් රණ්ඩු උනා . ඒ වගේම එකිගේ ප්‍රශ්න වලට මමත් හුඟක් අඬලා ඇති.එකිත් මගෙම කොටසක් වගේ.කොහොමහරි එකිට කොල්ලෙක් සෙට් වෙලා බදින්න තිරනය උනාට පස්සේ ඒකි මගෙන් ඈතට ගියා වගේ දුක හිතුනා.
                       ඊට පස්සේ තව එකෙක් දෙකෙක් ඉන්නවා උන් දෙන්නත්  මගේ හදවතේ කොටසක් වගේ. මේ හැමෝම තාමත් මගේ යාළුවෝ. අත් ඇරලා ගිහින් නෑ. ඒත් මට එක දෙයක් නම් හොඳටම විශ්වාසයි මොකද්ද දන්නවද මුන් ගැන මට හිතෙන තරම් මේ කිසි එකෙකුට මම ගැන හිතෙන්නෑ. ඒක මම දන්නවා. ඒත් සතියක් 2ක් මම මුන්ගේ සැප දුක් හොයලා නොබැලුවොත් මගේ හිතට මහ දුකයි.සමර දාට මේ එකෙක් හින්දා මම අඬනවා.
                 ඒත් මේ කවුරුත් ඒක දන්නෑ.වෙලාවකට මට හිතෙනවා මේ තාවකලික බැඳිම් වෙනුවෙන් ඇයි මම මෙච්චර පෙරේත වෙන්නේ කියලා. ඒත් දෙය්යනේ මට හිත හදාගෙන ඉන්න බැ. මුන් මට මෙහෙම උදවු කලානේ කියල හිතෙනකොට මුන් ගැන පුන්චි කේන්තියක් ආවත් ඒකත් නිවිලා යනවා.
                     දැන් නිදියන්න  ඔනී. 1.23 ත් වෙලා. පසුවට ඉතිරිය ලියමු...........................

Tuesday, November 2, 2010

හිතේ ඇති හැම දෙයක්ම නිදහසේ ලියන්න හිතුනා. ඉතින් මම පටන් ගත්තා ලියන්න. 
වෙලාව රාත්‍රි 11 පසුවි විනාඩි 42 ක් ම ගත වෙලා . ඒත් තාම නින්ද මගේ ළඟට ආවේ නෑ. එක එක බුහුවිකාර හිත අස්සේ ඔහේ කැරකෙනවා.ආපහු ඇඳෙන් නැඟිටලා මොනවාහරි කුරුටු ගාන්න හිතුනා.
   මොනාද ලියන්නේ. නිකන් ඉන්න වෙලාවට නම් ඉවරයක් නැතුව හිතුවිලි ගලාගෙන එන හැටි හරි අපූරුයි. නිදහසේ ජීවත්වෙන මිනිහෙකුට හුඟාක් දේවල් හිතන්න පුලුවන්. වැඩ රාජකාරි එක්ක හිර උනාම මිනිස්සු සිතුවිලි හිරගත කරනවා.ජිවිතේ හැම දෙයක්ම සිද්දවෙන්නේ හරිම අපූරු විදියට.කටුක අද්දැකිමක උනත් ආපහු හැරිලා බලද්දි ඒ තුළ විදින්න පුලුවන් සියුම් මිහිරක් තියෙනවා නේද?